Friday, June 28, 2013

ටොයිලට් ටිෂූ මැද ඇති කාඩ්බෝඩ් රෑගිල්ල

ටොයිලට් ටිෂූ මැද ඇති කාඩ්බෝඩ් රෝලය යනු සාමාන්‍යයෙන් ඉවතලන ද්‍රව්‍යයක් වුවද, එයද විශිෂ්ට කලා නිර්මාණයන් සඳහා පාදක කරගත් පුවතක් පිළිබඳව ප්‍රංශයෙන් වාර්තා වේ.

ඇය ඇනස්ටාෂියා එලියස් ය.

ටොයිලට් ටිෂූ රෝල් වල පැහැයෙන්ම කඩදාසි යොදාගෙන සිදුකෙරෙන ඇගේ නිර්මාණ පසුගිය වසර කිහිපය පුරාවටම අන්තර්ජාලයේ කලා වෙබ් අඩවි වල පළවිය.

මෙම හැඩතල ඉතා කුඩා වන බැවින් එක් නිර්මාණයක් සම්පූර්ණ කිරීමට පැය කිහිපයක් ගතවන බව ඇය පවසයි.

අහම්බෙන් ආරම්භ කළ මෙම කලා ශෛලිය මේ වන විට කලා ලොව ඇගේ සලකුණ බවට පත්ව ඇත.

ඇනස්ටාෂියා ගේ නිර්මාණ ඇතුළත් රූලෝ නම් පොතක් ද පසුගියදා එළිදැක්විණි.  ( උපුටා ගෑනිම srilankamirror.lk  )



No comments:

Post a Comment

Receive All Free Updates Via Facebook.